පූර්ණ දේශපාලන වෙනසක් නැත්තං අරගලය සම්පූර්ණ නැහැ – සරත් ෆොන්සේකා

Date:

මාස ගණනක් තිස්සේ ජනතාව සියලු කැපකිරීම් සිදුකර ගෙනගිය අරගලයේ සැබෑ ප්‍රතිඵල තවමත් අත් කරගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර ගිය පමණින් සියල්ල වෙනස් නොවන බවත්, ඒ සඳහා පූර්ණ දේශපාලන වෙනසක් සිදුවිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යවා ඉතිරි සියල්ල පාර්ලිමේන්තුව හරහා සිදුකර ගැනීමට අරගලයේ සිටින ඇතැම් නායකයන් බලපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා පවසන්නේ එය කිසිසේත් සුදුසු නොවන බවයි.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ගෙන් සාතිශය බහුතරයක් හොරුන්, වංචාකරුවන්, දූෂිතයන් බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා, එවැනි පුද්ගලයන් හරහා පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. පූර්ණ දේශපාලන වෙනසක් තුළින් පමණක් රටේ තිබෙන අර්බුද විසඳිය හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් වීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, තමා වසර 10 කට වැඩි කාලයක් තිස්සේ දේශපාලනයේ නිරතව සිටියේ එවැනි පටු අරමුණු ඉදිරියේ තබාගෙන නොවන බවත් ෆොන්සේකා මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...