මේ වනවිට දිවයිනට පැමිණ ඇති පෙට්‍රල් – ඩීසල් නෞකා පිළිබඳ තොරතුරු …

Date:

ඩීසල් නෞකා දෙකක් මේ වනවිට ගොඩබාමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව එම ඉන්ධන තොග හෙට (19) සිට දුම්රිය සහ බවුසර් මගින් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහරින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එය ද ගොඩබෑමට නියමිතව තිබේ.

මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගෙන පැමිණි නෞකාවක් මේ වනවිට තත්ව පරීක්ෂණයට භාජනය කෙරෙමින් පවතී.

ඒ අනුව එම කටයුතු අවසන් වූ පසුව බොහෝදුරට හෙට දිනයේදීම එම නෞකාවේ පෙට්‍රල් තොගයත් ගොඩබෑම ආරම්භ කෙරෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...