මේ වනවිට දිවයිනට පැමිණ ඇති පෙට්‍රල් – ඩීසල් නෞකා පිළිබඳ තොරතුරු …

ඩීසල් නෞකා දෙකක් මේ වනවිට ගොඩබාමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව එම ඉන්ධන තොග හෙට (19) සිට දුම්රිය සහ බවුසර් මගින් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහරින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එය ද ගොඩබෑමට නියමිතව තිබේ.

මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගෙන පැමිණි නෞකාවක් මේ වනවිට තත්ව පරීක්ෂණයට භාජනය කෙරෙමින් පවතී.

ඒ අනුව එම කටයුතු අවසන් වූ පසුව බොහෝදුරට හෙට දිනයේදීම එම නෞකාවේ පෙට්‍රල් තොගයත් ගොඩබෑම ආරම්භ කෙරෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...