නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ ‘ක්‍රිෂ්’ (Krrish) සමාගමෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළවය. අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා නම් පුද්ගලයෙකු මාර්ගයෙන් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි ‘ක්‍රිෂ්’ සමූහ ව්‍යාපාරයේ හිටපු විධායක නිලධාරිනිය සහ අධ්‍යක්ෂිකාව වන ජානකී සිරිවර්ධන මෑතකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති...