නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ ‘ක්‍රිෂ්’ (Krrish) සමාගමෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළවය. අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා නම් පුද්ගලයෙකු මාර්ගයෙන් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි ‘ක්‍රිෂ්’ සමූහ ව්‍යාපාරයේ හිටපු විධායක නිලධාරිනිය සහ අධ්‍යක්ෂිකාව වන ජානකී සිරිවර්ධන මෑතකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...