කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මානය සිංගප්පූරු රතු කුරුස සංවිධානයේ අනුශාසක සහ සිංගප්පූරු ජනරජයේ ජනාධිපති අතිගරු තර්මන් ෂන්මුගරත්නම් මහතා විසින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාට පිරිනමනු ලැබීය.
මෙම කීර්තිමත් පිළිගැනීම ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සහ සිංගප්පූරු රතු කුරුස සංවිධානය අතර දිගුකාලීන හවුල්කාරිත්වය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මානුෂීය සහයෝගීතාවය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සේවය කිරීම සහ මානුෂීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පාලක මණ්ඩල සාමාජික ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සහ කුමාරි කොතලාවල මහත්මිය ද සහභාගි වූහ.



