ලොව පුරා තොරතුරු තාක්ෂණික බිඳ වැටීමක්.ගුවන් ගමන්,බැංකු සේවා ඇතුළු ගෝලීය සේවා රැසකට දැඩි බාධා!

කොළඹ LNW:ලොව පුරා රටවල් රැසක ප්‍රධාන බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම තාක්ෂණික බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා සිදුවන තාක්ෂණික කටයුතු බොහොමයක් අඩාළ වී ඇති අතර ඕස්ට්‍රේලියාව සිය ගුවන් ගමන්ද නවතා දම ඇති බව සඳහන්.

ඒ,ඔවුන්ගේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව උක්ත තාක්ෂණ සේවා බිඳ වැටීම නිසා.

එක්සත් රාජධානියේ දුම්රිය සමාගම්වල කටයුතුවලටද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ හදිසි සේවාවන්ට බලපෑම් එල්ල විය හැකි බවට නිවේදනය කර තිබේ.

තවද ජර්මනිය සහ ස්පාඤ්ඤයද සිය ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම තාක්ෂණික බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී ම\නොමැති අතර එය යථාතත්ත්වයට පත් කිරීමේ යම් අපහසුතාවක් පවතින බවද මයික්‍රොසොෆ්ට් සමාගම පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...