රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ව්‍යසනයක් වෙලා. ඇයි ආණ්ඩුවයි සෞඛ්‍ය ඇමතියි නිශ්ශබ්ධ ? – විපක්ෂ නායක (VIDEO)

Date:

වෛද්‍ය උපකරණවල හිගය, ඖෂධ හිගය සහ ප්‍රමිතියෙන් තොර වීම රෝගී සත්කාර ගැටලු සහ නොසැලකිලිමත්කම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත රැසක් මේ දිනවල අහිමි වූ බවත් මේ තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පවසයි.

රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කළ යුතු බවත් රෝගීන්ගේ ජීවිත මතින් ගොස් සිය මඩිය තරකොට ගැනීමට කටයුතු කළ පාර්ශ්ව සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් මේ රටේත් බාල ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වීම පිළිකුලට කරුණක් බව යි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන්, නුවරඑළිය රෝහලෙන්, රාගම ශික්ෂණ රෝහලෙන්, කොළඹ ජාතික අක්ෂි රෝහලෙන්, පානදුර මූලික රෝහලෙන්, අනුරාධපුර ශික්ෂණ රෝහලෙන්, කුලියාපිටිය රෝහලෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වූ බවත් මේ ලැයිස්තුව දිහා බලන විට බාල ඖෂධ සහ ඖෂධ ක්ෂේත්‍රයේ සිදුව ඇති වංචාවන් නිසා පරීක්ෂණවලින් නුසුදුසු යැයි තහවුරු වූ ඖෂධ වර්ග භාවිතය නිසා ව්‍යවසනකාරී තත්ත්වක් ඇති ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඉදිරිපත් කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ආණ්ඩුව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරමින් මේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටියේය.

ආණ්ඩුව විසින් මෙවැනි ගැටලු සහ ප්‍රශ්න ජනතාවට අනාවරණය කරන රාජ්‍ය නිලධාරීන්ට බොරු පරීක්ෂණ සිදු කරන බවත් මෙවැනි ව්‍යාජ පරීක්ෂණ සිදු කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ කට වසා රටේ ලක්ෂ 220ක් වූ ජනතාව මරණ මංචකයට ගෙන යන පහත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ ඝාතන හිතාමතාම සිදුකරන සාපරාදී අපරාධ බවත් මේ සම්බන්ධයෙන් වගකිය යුතු සියලු දෙනාටම සමගි ජන බලවේග රජයක් යටතේ දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...