සීෂෙල්ස් කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් ශ්‍රී ලංකාවට

Date:

අප්‍රිකානු මහද්විපයේ පිහිටි සොබා සෞන්දර්යෙන් අනූන රටක් වන සීෂෙල්ස් හී කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම් අද දිවයිනට ළඟා වුණා.16 වන සියවසේ සිට 18 වන සියවස දක්වා ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති වර්ග කිලෝ මීටර් 457 ක වපසරියක් සහිත සීෂෙල්ස් රාජ්‍ය 18 වන සියවසේදී සම්පූර්ණයෙන් එක්සත් රාජධානියට යටත් රාජ්‍යයක් බවට පත් වී මහා බ්‍රිතාන්‍ය යටතේ 1976 තෙක්ම පාලනය වූ රාජ්‍යයක්.කුඩා එහෙත් මනරම් සොබා දහමෙක් සහිත දේශයක් වන සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව යම් සම මට්ටමක පවතින අතර වඩා සන්නද්ධ සහ ශක්ති සම්පන්න භාවයකින් ක්‍රියාත්මක වන සිෂෙල්ස් වොලිබෝල්,එරට අයත්වන අප්‍රිකානු මහද්වීපයේ අවධානයට ලක් වූ වොලිබෝල් සංස්කෘතියක් සහිත රටක් වන අතර විශේෂයෙන් එරට කාන්තා වොලිබෝල් මහද්වීප මට්ටමෙන් ඉදිරියෙන් පවතින අතර 2001 දී අප්‍රිකානු සූරතාවයද දිනා තිබෙනවා.මෑත කාලයේ 2015 දී සිව්වන තැන දක්වා ද පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී සීෂෙල්ස් පිරිමි කණ්ඩායමට සහ කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී තරග පහ බැඟින් සහභාගි වෙන්නට අවස්ථාව හිමි වෙනවා.ඔවුන් සිය තරග ආරම්භ කරන්නේ ජූලි 19 වන දා කෑගල්ල දිස්ත්‍රික් පිරිමි සහ කාන්තා කණ්ඩායම සමඟ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාල ක්‍රිඩා පිටියේදී වන අතර අන් සියලුම තරග පැවත්වෙන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩා පිටිය කේන්ද්‍ර කර ගෙනයි.රුවන්වැල්ලේදී පස්වරු 5.00 ට කාන්තා තරගය ආරම්භ වන අතර පස්වරු 7.00 පිරිමි තරගය ආරම්භ කිරීමට නියමිතයි.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජූලි 20 වන දා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම සහ විදුලි බල මණ්ඩල පිරිමි කණ්ඩායම සීෂෙල්ස් කාන්තා සහ පිරිමි කණ්ඩායම්වලට එරෙහිව තරග බිමට පිවිසෙන්නට නියමිතයි.කාන්තා තරගය පස්වරු 3.00 ට සහ පිරිමි තරගය පස්වරු 5.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.ජූලි 21 වන දා ද කාන්තා තරගය පස්වරු 3.00 ට සහ පිරිමි තරගය පස්වරු 5.00 ට ලෙස සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකයි.


ජූලි 22 වන දා ඉහත තරග ආරම්භ වන කාල සටහනට අනුවම කාන්තා සහ පිරිමි තරග පැවත්වෙන අතර එම තරග සඳහා සහභාගි වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා සහ පරිමි කණ්ඩායම් දෙකයි.සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම සමඟ සීෂෙල්ස් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සුගතදාස පිටියේදී හමුවන්නේ ජූලි 23 වන දා යි.එදිනද කාන්තා තරගය පස්වරු 3.00 ට සහ පිරිමි තරගය පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සීෂෙල්ස් කණ්ඩායම් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වන මොහොතේ ඔවුන් පිළිගැනීම පැවරී තිබුණේ ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ විධායක කමිටු සාමාජික ධනපාල ජයපත්ම සහ අජිත් නෙත්තසිංහ යන මත්වරුන්ටයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...