බොට්ස්වානා දරාගැනීම ඉදිරියේ ශ්‍රී ලංකාව පසුපසට තල්ලු වෙයි

Date:

දතුණු අප්‍රිකාවේ පැවත්වෙන ලෝක නෙට්බෝල් සූරතාවලියට පෙරාතුව පැවත්වෙන බොට්ස්වානා සංචාරයේදී ශ්‍රී ලංකාව සමඟ බොට්ස්වානා කණ්ඩායම අතර ඔට්සේ පොලිස් විද්‍යාල ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් බොටිස්වානා කණ්ඩායම ලකුණු 70 – 51 ක් ලෙස ජය ගත්තේය.සුවිශාල කාය ශක්තියක් ඇති බොට්ස්වානා ක්‍රීඩිකාවන් අභිබවා තරගයේ දෙවන වටයේදි පෙරමුණ ගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.ඒ ලකුණු 16 – 13 ක් ලෙස එම වටයේ ජයග්‍රහණය හිමිකර ගනිමින්ය.එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු කාර්තුවේ දී ලකුණු 19 – 12 ක් ලෙස ඉදිරියෙන් සිටි බොටිස්වානා කණ්ඩායම දෙවන කාර්තුව නිමාවන විට ඔවුන්ට වාසිදායක ලෙස මුළ ලකුණු සංඛ්‍යාව 32 – 28 ක් ලෙස තබා ගන්නට සමත් විය.


තෙවන කාර්තුවේදී ඉදිරියට පැමිනි බොට්ස්වානා කණ්ඩායම ලකුණු 15 -13 ක් ලෙස ඉදිරියට පැමිණි අතර තරගයේ ඉදිරිය ලකුණු 47 – 41 ලෙස සටහන් කර ගැනීමට සමත් විය.අවසාන කාර්තුවේදී ඉතාමත් වේගයෙන් සිය ශරීර ශක්තිය නෙනසා පවත්වා ගෙන සිටි බොට්ස්වානා ක්‍රිීඩිකාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග කිරීම පහසු නොවිණි.එම වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 10 ක් පමණක් ලබා දෙන්නට ඉඩ දෙමින් වේගවත් ප්‍රහාරයක් එල්ල කළ බොට්ස්වානා ක්‍රීඩිකාවෝ ලකුණු 13 ක් අත් කර ගත්හ.
තරගාවලියේ අපේක්ෂාව ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට සුදුසු ශක්තිය සහ දරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හුරු කිරිම වන බැවින් තිලකා ජිනදාස මේ තරගයේදී තමන්ගේ තුරුම්පු ලෝක කුසලාන තරගාවලියට සෞඛ්‍යමය වශයෙන් අනතුරකට ලක්වීමට ඇති ඉඩ ගැන සැළකිලිමත් වෙමින් තරග වැදුණ බව පෙනෙන්නට ඇත.ඒ නිසාම ලකුණු යන්තරය වන තර්ජනී සිවලිංගම් මුලීක වශයෙන් තරගවලියට නම් කළ කණ්ඩායමට එක් කර නොතිබි බව බොට්ස්වානා නෙට්බෝල් තොරතුරුවලින් වාර්තා වෙයි.


ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක් ලබා දීමට බොට්ස්වානා නෙට්බෝල් බලධාරීන් අවධානය යොමු කර තිබුණ අතර තරගාවලිය පැවත්වීමට මුලින් යෝජනා වී තිබූ ක්‍රීඩාංගණය වන යූබී ස්පොර්ට්ස් ඇරීනා හි සිට තරගාවලිය ඔට්සේ පොලිස් විද්‍යාල ගෘහස්ථ ක්‍රීඉා පිටියට කැදවා තිබිණ.අද ශ්‍රී ලංකාව තරග වඳින්නේ ජංගල් ක්වීන්ස් යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බොට්ස්වානා පොලිස් කණ්ඩායම සමඟය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය ගැන තීරණයක් ගන්න විශේෂ තේරීම් කාරක සභාවක්!

කොළඹ LNW: පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම...

ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට...

අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කිසිවකු රජ...

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා විභාග...