චීනයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 පමණ ජීවිතක්ෂයට!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 20, (LNW) කොළඹ: චීනයේ ෂැන්සි පළාතේ සිදු වූ ව්‍යසනයෙන් පසුව පුද්ගලයන් 30 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින්ග් නියෝග කළේය.

වයඹ දිග චීනයේ අධිවේගී මාර්ග පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

සිකුරාදා ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 8.40 ට පමණ දැඩි කුණාටු සහ ගංවතුරෙන් ෂැන්සි පළාතේ සිදු වූ ව්‍යසනයෙන් පසුව චීනයේ ජනාධිපති ෂී ජින්පින් ගලවා ගැනීමේ ප්‍රයත්නයන් දියත් කිරීමට නියෝග කර තිබේ.

Zhashui ප්‍රාන්තයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෝටර් රථ 20 ක් සහ පුද්ගලයින් 30 ක් පමණ තවමත් අතුරුදහන් වී ඇති බව Xinhua පුවත් ඒජන්සිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...