සංක්‍රමණික බෝට්ටුවක් ගිනි ගැනීමෙන් හයිටි ජාතිකයන් 40 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 20,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ (19)දිනයේදී උතුරු හයිටියේ Saint-Michel කොටුවේ සිට ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත සංක්‍රමණිකයන් 80ක් රැගෙන පිටත් වූ බෝට්ටුවක් උතුරේ කැප්-හයිටියන් වෙරළට ඔබ්බෙන් ගිනි ගැනීම හේතුවෙන් 40 දෙනෙකු මියගොස් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) නිවේදනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සියට අනුව හයිටි වෙරළාරක්ෂක භටයින් විසින් පුද්ගලයින් 41 දෙනෙකු බේරා ගෙන ඇති අතර ගින්නට හේතුව බෝට්ටුවේ සිටි අය ආරක්ෂිත මාර්ගයක් ඉල්ලා චාරිත්‍රානුකූලව ඉටිපන්දම් දැල්වීම හේතුවෙන් පෙට්‍රල් ගිනිගැනීම බවයි හයිටියේ සිවිල් ආරක්ෂක කාර්යාලයේ ප්‍රධානියා වන ජීන්-හෙන්රි පෙටිට් මියාමි හෙරල්ඩ් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ,

වසර තුනකට පෙර ජනාධිපති Jovenel Moïse ගේ ඝාතනයෙන් පසු හයිටියේ ප්‍රචණ්ඩත්වය උග්‍රව ඇති අතර සන්නද්ධ කණ්ඩායම් මේ වසර මුලදී අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් පාලනයට ගත් අතර, සති කිහිපයකට පසු අගමැති ඒරියල් හෙන්රිට ඉල්ලා අස්වීමට සිදුවිය.

දරිද්‍රතාවයෙන්, අවනීතියෙන් සහ නිවස තුළ කල්ලි ප්‍රචණ්ඩත්වයෙන් මිදී සෑම වසරකම දස දහස් ගණන් ජනයා අක්‍රමවත් මාර්ග හරහා එක්සත් ජනපදය, බහමාස්, ටර්ක්ස් සහ කයිකෝස් දූපත් සහ ජැමෙයිකාව ඇතුළු කලාපයේ රටවලට මෙලෙස පලා යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...