22ට සහය දෙනවද? නැද්ද? – ෆීල්ඩ් මාෂල් පැහැදිලි ස්ථාවරයක!

Date:

කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණයට බලපෑමක් නොවන හෙයින් ඊට සහයෝගය දීමේ ගැටළුවක් නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එමඟින් මැතිවරණයට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ද පවසා ඇති හෙයින් ව්‍යවස්ථාවේ සිදුව තිබෙන වරද නිවැරදි විය යුතු බවයි ෆොන්සේකා මහතා පවසන්නේ.

සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන්නේද යන්න අද (20) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අතර සමඟි ජන බලවේගය විසින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අධිකරණයට අපහස කිරීමක් වන හෙයින් සමඟිය පවසා ඇති අන්දමට විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒ ගැනද ඔවුන්ට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදුවනු ඇති බවයි ෆොන්සේකා මහතා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...