ට්‍රම්ප් බදු ගැහුවාට අපි ඔට්ටු වෙනවා ට්‍රම්ප් එක්ක. ආර්ථික වශයෙන් ඇමරිකාවට අපිව නැතිව ඉන්න බෑ – ඇමති සුසිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට නව බදු පනවා ඇතත් රජය මේ වනවිට එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ඔට්ටු වෙමින් සිටින බවත් මෙම බදු පැනවීම අසාධාරණ බවත් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

“අපි රජය විදියට පත්වෙනකොට රට බංකොලොත්. අපි පිටරටින් ගත්ත ණය ගෙවන්නෙ නෑ, පිටරටින් ණය ගන්න බෑ, ණය ගොඩක් ගොඩගැහිලා හිරවෙලා අපි හිටියෙ. නමුත් අපි රජයක් විදියට ඒ ණය ප්‍රතිව්‍යුහගත කරලා, ආර්ථිකය ස්ථාවරය කරලා බංකොලොත්භාවයෙන් ඉහළට ආවා. දැන් ආර්ථිකය අපි පණගහලා නැගිටිමින් ඉන්නවා. ආර්ථිකය ස්ථාවරය ඉස්සරහට යමින් තිබෙනවා. දැන් ඔය මේ දවස්වල කතාවක් තියෙනවානෙ ඇමරිකාවෙන් ට්‍රම්ප් මහත්තයා බදු ගැහුවා කියලා. බදු ගහලා තියෙන්නෙ. ට්‍රම්ප් බදු ගැහුවාට අපි ඔට්ටු වෙනවා ට්‍රම්ප් එක්ක ‘නෑ, නෑ, බදු එච්චර අපට ගහන්න එපා, අඩු කරන්න. අපි ආර්ථික වශයෙන් බිඳවැටිලා බංකොලොත්වෙලා නැගිටින රාජ්‍යයක්. අපිට එච්චර බදු ගහන්න එපා, ඒක අසාධාරණයි. අපට සහනයක් දෙන්න’ කියලා මේ වෙනකොට සාකච්ඡා කරනවා. මේ වෙනකොට සාකච්ඡා වට හත අටක් ගිහිල්ලා තියෙන්නෙ. 18 වෙනිදා අපේ රජයේ කණ්ඩායමක් ආයෙ ඇමරිකාවට යනවා. අපි උත්සාහයක් දරමින් ඉන්නවා. අපට සහනයක් ඕනෙ. ඒක අපි ඇමරිකාවත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා. අපි කරුණු කාරණා පෙන්නනවා. ඇමරිකාවට අපි නැතිව ඉන්නත් බෑ, අපිට ඇමරිකාව නැතිව ඉන්නත් බෑ මේ ආර්ථික වශයෙන් ගත්තාම. ඒ නිසා අපි ආර්ථිකය ස්ථාවර කරන පැත්තෙන් ගත්තොත් මේකට ගමේ භාෂාවෙන් කියනවා නම් ඔට්ටු වෙමින් ඉන්නවා. ඒක කළේ නැත්නම් ආර්ථිකය ඉස්සරහට යන්න අමාරුයි, ඒක කළ යුතුයි”

නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (ජුලි 18) දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවති “වී අස්වැන්න ඉහළ නැංවීමේ ජාතික මෙහෙයුම” උත්සවය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...