*
Friday, April 26, 2024
spot_img

Latest Posts

බලාපොරොත්තුව තමයි එකම දේ. අවසානය දකින කල් දිගටම උමඟ හාරමු…

ලංකාවේ භූමිය සකස්වී ඇති ආකාරය ගැන ඔබ පුදුම නොවන්න. රනිල් ලබාගත් 134 යනු ඒ භූමිය වැඩකරන හැටි ගැන නිදසුනක් සපයන හොඳම ප්‍රකාශනයයි. ඒ චන්ද ලංකාවේ මිනිස්සු දුන්න චන්ද. පිටසක්වලින් ආව ඒවා නෙවෙයි.
මේ 134 කියන්නේ රනිල්ගේ මොකක් හරි ආකර්ශනයක් නිසා ලබාගත් චන්ද එහෙම නෙවෙයි. ඒවා මේ රටේ මිනිස්සු දුන්නේ අර වැඳගෙන හිටිය මහින්දට. යුද්දේ දිනල, පොළොව ඉඹල, දේශීය බව ෆෝම් කරලා, ළමයි වඩාගෙන, උම්මා දීල, කුරහන් සාටක දාගෙන, අමාරුවෙන් ගත්ත චන්ද. වෙනත් ව්‍යාපෘතියක ප්‍රථිපල.

එක වෙලාවක ඒවා ගෝඨා වෙනුවෙන් එයාල පාවිච්චි කළා. මේ වෙලාවේ රනිල් වෙනුවෙන් පාවිච්චි කළා. එච්චරයි. රනිල්ට බැහැ ඒ වෙනුවෙන් යූ. එන්. පී. එකට හෝ ඒ ඉතිහාසයට ස්තුති කරන්න. ඒ උරුමයක් ගැන කතා කරන්න.
ඒකයි එයා වහාම පොහොට්ටුවට ස්තුති කළේ. මහින්දට ස්තුති කළේ. එයාට මේ වෙලාවේ නෛතික බවක් තිබ්බේ නැහැ යූ. එන්. පී. එකක් ගැන කියන්න. ඩී එස්, ඩඩ්ලි, ජේ ආර් මතක් කරන්න. එයා සිම්ප්ලි පොහොට්ටුවේ ජනාධිපති.

මෑතක මේ භූමියේ වෙනසකට උනේ මහජන අරගලයක් විකසිත වීම විතරයි. ඒකෙ අභිලාෂයන් තවම මේ කියන පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනය වෙන්නේ නැහැ. එහෙම වෙන්න අවකාශයක් අර පරණ භූමියේ නියෝජනය විසින් දෙන්නෙත් නැහැ. ඒක තමයි ඇත්ත.
අවම වශයෙන් පරණ ලෝකයේ නෂ්ටාවශේෂ ඉවත් කරන්නවත් මේ පාර්ලිමේන්තුව තවම නව ලෝකයට ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

පරණ ලෝකය තවම අවසන් නැහැ කියන පණිවිඩය ලංකාවේ පාර්ලිමේන්තුව සහ එහි නියෝජනය අද ඔප්පු කළා.
ඒ නිසා විශාල පීඩනයක් ලාංකික පොළොව මත පතිත වීමට නියමිතයි. විශාල ආතතියක් පරණ ලෝකය සහ නව ලෝකය අතර ඇතිවීමට නියමිතයි.

ගෑස්‌ නැවකින්, පෙට්‍රල් නැවකින්, ඩීසල් නැවකින් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ද? අපේ සිහින එතරම් කුඩා ද?
අළුත් පරම්පරාව…ඔබට පරණ ලෝකය විසින් නියෝජනයක් දෙන්න කොතරම් මැලිවෙමින් පවතීද?
අපේක්ෂාභංග බව, පීඩනය එක් පැත්තකින්. අලුත් ලෝකයක් ගැන දකින සිහින අනික් පැත්තෙන්. අද ජයපැන් බොන මහල්ලන් මේ පොළොව මත හෙට දවසේ කුමක් ශේෂ කරයි ද?

පරණ ලෝකය දේවල් වලට ප්‍රතිචාර දක්වපු විදිය අත්වින්ද මට තියන බය මේ ආතතිය නිසා මේ පොළොවේ ඇතිවිය හැකි ප්‍රථිපල ගැන…
බලාපොරොත්තුව තමයි එකම දේ. අවසානය දකින කල් දිගටම උමඟ හාරමු…
‘Hope is a good thing. Perhaps the best of things. No good things ever dies’. (Shawshank Redemption).

copied: Mahesh hapugoda

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan