Thursday, March 30, 2023
spot_img

Latest Posts

අපි ජයග්‍රහණය කළා.දැනටමත් තෙල්,ගෑස් මඟට ඇවිත් තියෙන්නේ – ගීතා (VIDEO)

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාවී යන්න විශ්වාසය පළකරන අතර ජනතාවගේ ඉල්ලීමද එය වන හෙයින් සැමවිටම ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

ඒ, අද (20) පාර්ලිමේන්තුවේ පැවති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ජන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විටත් පෙට්‍රල්,ඩීසල්,ගෑස් ප්‍රශ්නය විසදෙමින් තිබෙන අතර ඒවා මඟට ඇවිත් තිබෙන බවත් පොහොර පවා ලබා දෙමින් තිබෙන බවයි මන්ත්‍රීවරිය කියා සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අහිමිව ගියේ කිසිම ආකරයකින් බලාපොරොත්තු නොවූ ආකාරයකට වන හෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට පක්ෂයක් ලෙස තීන්දුවක් ගත් බවයි ඇය පැවසුවේ.

කෙසේවෙතත් ඉදිරියේදී සියලුම දෙනා එකතු වී වැඩ කලයුතු බවද ඇය සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.