රාජ්‍ය අමාත්‍ය ශෙහාන්ගෙන් සුබ පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ (LNW):

2024 වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම වසරේ මුල් මාස 6 තුළ රජය භාණ්ඩාරගාර බිල්පත් හා බැදුම්කර බිල්පත් මගින් ලබාගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක් වන අතර, එම කාලය තුළ ගෙවා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදී මහබැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම් රජයට පැවති අතර සියයට හැත්තෑවක තරම් ඉහළ උද්ධමන අගයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රථිපලය වූ බවයි.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් රජයේ ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම හා ගෙවීම සිදුකළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...