අත්අඩංගුවට ගත් ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ඇප මත නිදහස්

සටහන – රුවන් නෙළුගොල්ල

කටුනායක ගුවන් තොටුපලේදී අද (21) උදෑසන අත් අඩංගුවට ගත් ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර මහතා ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

ඒ, ඔහුව මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් පනවා තිබුණු විදෙස් ගමන් තහනමකට අදාළව ඔහුව අද අළුයම කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

අසංග අබේගුණසේකර මහතා හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...