Papa Jake ගේ අවසන් ගමන!

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :

වයස අවුරුදු 102ක් වූ දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුමෙන්ම සමාජ මාධ්‍ය තුල ‘පපා ජේක්’ Papa Jake නමින් ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් මියගොස් තිබෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලාර්සන්, 1944දී නාසි ජර්මනියෙට එරෙහිව, උතුරු ප්‍රංශයේදී පැවති D-Day වෙරළ බැසීමේ මෙහෙයුමට සහභාගී වූ මිත්‍ර හමුදා සාමාජිකයෙක් ද වේ.

ඔහු, Bulge සටනේදී ද එක්සත් ජනපද හමුදාව නියෝජනය කළ අතර, එවකට වයස අවුරුදු 19ක් වූ ඔහු උතුරු අයර්ලන්තයේ ලුර්ගන් නගරයේ ස්ථානගත වී සිට තිබෙන බව සඳහන් වේ.

ඔහු මියයාමට සති තුනකට පෙර දෙවන ලෝක යුද්ධයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ “D-Day” නමින් හඳුන්වන දිනයෙ හි 80 වන සංවත්සරය සමරමින් විදෙස් මාධ්‍ය සමඟ සිදුකළ සම්මුක සාකච්ඡාව සඳහා එමී සම්මානයක් දිනා ගත්තේය.

සමාජ මාධ්‍ය වැලඳ ගත් ලාර්සන්ට TikTokහි අනුගාමිකයින් මිලියන 1.2 ක් සිටින අතර ඒ හරහා ඔහු දෙවන ලෝක යුද්ධයේ සහ ඔහුගේ මියගිය සගයන් සම්බන්ධ මතකයන් කථාකරමින් සමාජය සමඟ බෙදා ගනු ලැබූ අතර, ඔහුගේ මිනිබිරිය මැකේලා ලාර්සන් සමාජ මාධ්‍ය හරහා පවසා ඇත්තේ ඔහු ජූලි 17 වනදා මියගිය බවත් අවසන් මොහොත දක්වාම ඉතාම සතුටින් ඔහු ජීවත් වූ බවත්ය. දෙවන ලෝක යුද්ධයේදී බල්ජ් සටනේදී ඔහු එක්සත් ජනපද හමුදාවේ ද සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරග තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...