ජය ශ්‍රී රුවිතේ එක්ක රට වටේ යයි ?

Date:

ජය ශ්‍රී අයියා මලෝ ගැන නොදන්න කෙනෙක් නැහැ. මේ දෙන්නා අලුත් වැඩකට අතගහලා කියලා අපිට ආරංචි වුණා. ඉතිං, ඒ ගැන වැඩිදුර විස්තර මොනාද කියලා අපි එයාලගෙන්ම අහලා බැලුවා.

මේ ගැන රෝහිත නම් කිව්වේ මෙන්න මෙහෙමයි. “දැන් රුවිතයක් එන්න යන්නේ. ඒ කියන්නේ ඩයමන්ඩ් ප්ලේස්. ක්ෂේත්‍රයේ ඉන්න හොඳම වැ‍ඩ්ඩෝ ටික එකතු වෙලා, අපි ලංකාවෙන් යන්න කලින්, ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වගයක් එක්ක ලස්සන වැඩක් කරගෙන යනවා” කියලයි.

රෝහිත කියන මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම එයාලගේ අලුත් නිර්මාණයක් ගැනද, නැත්නම් අලුත් විලා එකක් ගැනද, ඩයමන්ඩ් බිස්නස් එකක් ගැනද කියන එක තවමත් හෙළිදරව් කරලා නම් නැහැ. මේක තවම රහසක් කියලා තමයි අයියා මලෝ නම් කියන්නේ.

කොහොම වුණත් මේ අලුත් වැඩේ ගැන ජය ශ්‍රී – රොහාන් නම් කියන්නේ, ‘බඩු සැරයි – සැප ගොඩ’ යි කියලා. ජය ශ්‍රී ලා කියන මේ රුවිත වැඩේ කලඑළි දකිද්දී බොහෝ දෙනෙක් ඊට සහයදුන්නා කියලත් ඔවුන් කියනවා. ලංකාවේ හතර දිග්භාගයේ කට්ටිය එකට එකතුවෙලා එකම අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් දියත් කරපු මේ අලුත්ම රුවිතේ නුදුරේදීම කළඑළි දකිනවා. ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...