මහබැංකු පනත් කෙටුම්පත සම්මතයි – මන්ත්‍රීවරු 133ක් ඇවිත් නෑ !

Date:

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි.

මන්ත්‍රීවරුන් 133 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණීම විශේෂ කාරණයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ස හ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (20) දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහාවූ විධිවිධාන රැසක් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

කෙටුම්පතට පක්ෂව හා විපක්ෂව ඡන්දය ප්‍රකාශ වූ ආකාරය මෙන්න

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...