නිපා වෛරසය හේතුවෙන් කේරළයේ 14 හැවිරිදි පිරිමි ළමයකු මිය යයි

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසය වැළදීම හේතුවෙන් මිය යාමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ පිරිමි ළමයා පන්ඩික්කාඩ් නගරයේ බවත් ඔහු සමඟ සම්බන්ධ වූවන් 214 දෙනෙකු පමණ හුදකලා කර පරීක්ෂාවට ලක් කර ඇති බවත්ය. ඒ අනුව, එම පිරිස අතරින් අධි අවදානම් සහිත පුද්ගලයන් 60 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබුණේ,

ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බැවින් වෛරසය වැළඳෙන අයගේ මරණ අනුපාතය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතී.

නිපා වෛරසය පළතුරු වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් එන මොලයේ උණ ඇති කරන අතර මෙය වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Nipah ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...