AI සංවර්ධනයට සිංගප්පුරුවේ සහය ගන්න කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක “සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන” (AI Singapore) සමඟ සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතරඑමඟින් දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණදීමට හැකි වන පරිදි කෘත්‍රීම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ ඇරඹුම් සිදුකිරීම, කෘත්‍රීම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...