දඹුල්ලට ප්‍රමිතගෙන් විශ්වවිද්‍යාලයක්!

Date:

කොළඹ LNW:ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ – තාක්ෂණික මණ්ඩපය දඹුල්ල සමාරම්භක උත්සවය පසුගිය 21 දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහාමාර්ග, පාලම් ඇතුළු මහා පරිමාණ භෞතික සංවර්ධන ව්‍යාපෘතින්ගෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව අප තේරුම් ගත යුතු බවත් ඒ සදහා අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හදුනාගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ මෙම විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගීමට තීරණය කළ බවත් එළඹෙන ජනවාරි මාසයේදී මෙහි පාඨමාලාවන් සදහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් සභාව අමතමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී, මාතලේ දිස්ත්‍රිත් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති හා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව සිටියහ.

ගරුතර මහා සංඝරත්නය, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහින්ද විතානආරච්චි මහතා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරුන්, මණ්ඩපාධිපතිවරුන්, පීඨාධිපතිවරුන්, පීඨ සාමාජිකයින්, පරිපාලන කාර්ය මණ්ඩලය, කැඩෙට් නිලධාරීන් සහ විද්‍යාර්ථයින්, පාසල් ශිෂ්‍යභට ඛණ්ඩ සාමාජිකයන්, පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...