සටහන – පුලී
ජූලි 23, LNW (කොළඹ): එක්සත් රාජධානිය තුළ මෙම මස අවසානයේ සහ අගෝස්තු මස ආරම්භයේදී නව උෂ්ණත්ව රැල්ලක් (Heatwave) ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකි පෙන්වා දෙයි.
ඒ අනුව, එංගලන්තයේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 39°C දක්වා ඉහළ යා හැකි අතර, එය මෙම වසරේ වාර්තා වන ඉහළම උෂ්ණත්වයවිය හැකි බව සඳහන් වේ.
මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වූයේ ජූනි 26 වැනිදා නොර්ෆොක් ප්රාන්තයේ ලිංග්වුඩ් ප්රදේශයෙන් වාර්තා වූ 37.7°C යි. නව අනාවැකි අනුව, අගෝස්තු මස මුල් දිනවලදී එංගලන්තයේ ප්රාන්ත 10ක උෂ්ණත්වය 38°C හෝ ඊට වැඩි අගයක් වාර්තා විය හැකි බව සඳහන් වේ.
මෙම උණුසුම් කාලගුණ තත්ත්වය ඇති වුවහොත්, 2026 වසරේ එක්සත් රාජධානියට බලපාන සිව්වන උෂ්ණත්ව රැල්ල ලෙස එය සැලකෙනු ඇත.
එසේම, එක්සත් රාජධානියේ කාලගුණ විද්යා කාර්යාලය (Met Office) ද අගෝස්තු මස ආරම්භයේදී නැවතත් “ඉතා උණුසුම්” කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

