සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරුවීම් 27ක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ (LNW):

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මෙම තත්ත්වය තොරතුරු සැඟවීමේ උත්සහායක් බවට සැකයක් පවතින බවද ඔහු පවසයි.

“සෞඛ්‍ය සේවයේ විතරක් නෙමෙයි රාජ්‍ය සේවය තුළත් දුෂණ වංචා රැසක් තියෙනවා හෙළිදරව් කිරීමට නිලධාරීන්ට නොහැකි වෙලා තියෙනවා. නීතිය පැහැදිලි වෙන්න ඕනේ. අද අපි මේක ගැන කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ 30 දෙනාගේ 27ක් මාරු කරලා. එක්කෝ එයාලව මාරු කරලා තියෙන්නේ එයාලගෙන් වැරදි වෙච්ච බව සෞඛ්‍ය ලේකම්වරයා පිළිගත්ත නිසා වෙන්න ඕනේ. එහෙම නම් ඒ අයට දඬුවමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පහුගිය තොරතුරු දන්න අයව මාරු කරලා හොයා ගන්න බැරි තත්ත්වයක් උදා කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ අමාත්‍යාංශයේ 27ක් මාරු කිරීම තුළ තොරතුරු සැඟවීමේ අවශ්‍යතාවයක් තිබිය යුතුයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...