තවත් නඩුවක තීරණය කල්යයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ (LNW):

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ අතුරු තහනම් නියෝග පිළිබඳ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළේය.

ඊයේ (23)දී මෙම නඩුකරයට මැදිහත් වීමට තමන්ට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබුණි. මීට අදාළව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ, ඔවුන්ට මෙම නඩුකරය සඳහා මැදිහත්වීමට අයිතියක් තිබෙන බවය.  ඒ අනුව මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීමට දින ලබා දුන් දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 31 වනදා කැඳවන ලෙසත් නියෝග කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...