22ට තුනෙන් දෙක නෙවෙයි සරළ බහුතරයවත් ලැබෙන්නේ නැහැ – ජී.එල්.

Date:

කොළඹ LNW:22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙනේ දෙක නොව සරළ බහුතරය හෝ නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

ඒ ගැන හොඳ විශ්වාසයක් තිබෙන අතර මේ සංශෝධනය ගෙන ආවේ ජනාධිපතිවරණයක් ආසන්නයේ පටු අරමුණු වෙනුවෙන් බවටයි මහාචාර්යවරයා පවසන්නේ.

”2015 තමයි 19 වැනි සංශෝධනය සම්මත වුණේ. එදා සිට අද දක්වා පරස්පරයි, ගැටළු තියෙනවා කියන වගන්ති ඒ විදිහටම තිබුණා. කිසිම අවස්ථාවක කිසිම තැනක කිසිම හේතුවක් නිසා මේ පරස්පර කතා ගැටළු කතා කවුරුවත් කීවේ නැහැ. මේ හදිසියේ ජනාධිපතිවරණයක් ඉතාම ආසන්නයේ නින්දෙන් නැගිට්ටා වගේ හදිසියේ මතක්වෙලා තියෙන්නේ මේක ලොකු ප්‍රශ්නයක මේක ඉතාම ඉක්මණින් නිරාකරණය කරගන්න ඕනේ කියල. මගේ අදහස අනුව විජයදාස ජාරජපසහ මහතා ඉතා නිවැරදිව යුක්ති සහගත ලෙස කිව්වා නෑ මේක කරන්න දැනට වුවමන්වක් නැහැ කියල. ඒ නිසා තමයි සද්භාවයෙන් එතුමාගේ ලේකම්තුමාට නියෝග කළා දැනට මේක කරන්න එපා කියල. එතෙකොට එතුමා එක පියවරක් ඉදිරියට ගියා. එතුමාගේ උපදෙස්වලට පටහැනිව ඊට වෙනස් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන පුද්ගලයින්ට මේකෙන් ජනිත වන ප්‍රතිඵලයන්ට වගකියන්න වෙයි කියලත් කිව්වා. ඒ තත්ත්වය තුළ අපි විශ්වාස කරනවා මේ යෝජිත සංශෝධනය කූට වැඩපිළිවෙලක්. ඉතා පටු අරමුණු සඳහා ගෙනෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තුනෙනේ දෙකක් නෙවෙයි තෙවන වර කියවීමේදී මේකට සරළ බහුතරයක්වත් නොලැබෙන බව කැට තියල අපිට කියන්න පුළුවන්.” යනුවෙන් ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයට ඔබ්බෙන් ගල්ෆ්...

එළවළු, මාළු, පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී...

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!

කොළඹ LNW: 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව...

ආදිවාසි ජනතාව දළදා වහන්සේ උදෙසා කළ මී පැණි පූජාව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අද (04) දින ...