පොලිස්පතිට ලැබුණු අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තුවත් උණුසුම්.විපක්ෂ නායක කථානායකව සෘජුවම ප්‍රශ්න කරයි.ජනාධිපතිටත් ප්‍රශ්නයක්!

Date:

කොළඹ LNW:නඩු විභාගය අවසන් වනතෙක් පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවීමට ලැබුණු අධිකරණ නියෝගයෙන් පසු අද (24) පාර්ලිමේන්තුවද උණුසුම් විය.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ කථානායකවරයා අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවයි.

එවැනි නීති විරෝධී ලියවිල්ලක් පදනම් අක්රගෙන ජනාධිපතිවරයාද වැරදි පත්වීමක් සිදුකර තිබෙන බවටයි ප්‍රේමදාස මහතා පෙන්වාදුන්නේ.

”නඩු විභාගය අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාගේ කටයුතු කිරීම අත්හිටුවන්න අධිකරණය නියෝගය කරලා තියෙනවා. දැන් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න හදන්නේ පුද්ගලයෝ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මම ඔබතුමාට කියන්න කැමතියි අග්‍රාමාත්‍යතුමත් සිටින ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණ ක්‍රියාදාමය කථානායකවරයා විකෘති කරලා ජනාධිපතිවරයට යවපු ලියුම. මේ ලියුම පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. එතකොට මේ වැරදි ලියුම බොරු ලියුම, මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන පත්කරපු එකත් ව්‍යවස්ථා විරෝධීයි. මම මේ කතාකරන්නේ පුද්ගලයෝ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. බලන්න මේකේ ලියල තියෙන දේ. ජන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් ජන්දය ලැබුණා සේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මගේ තීරක ජන්දයද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි. කාටද ලියල තියෙන්නේ. හිතවත් ජනාධිපතිතුමනි.කවුද අත්සන් අකරණ තියෙන්නේ මහින්ද යාපා අබේවර්ධන කථානායක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති. සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක්. අගමැතිතුමා දන්නවා. අගමැතිතුමාට ඒකට උත්තර දෙන්නේ බැහැ. කථානායකවරාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ටහ්ව අමු අමුවේ උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ පිළිබඳව මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය. ඒවගේම කතානායකගේ මේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයාත් මේ වගේ තුට්ටුදෙකේ ලියුමකද පත්කිරීම් කරනවද? පැහැදිලිවමට මට මේවට උත්තර අවශ්‍යයි.” යනුවෙන් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) උක්ත නියෝගය නිකුත් කළේ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඇතුළු පාර්ශ්ව 09ක් විසින් එම පෙත්සම් ගොණු කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...