8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:දින හයක් පුරා පැවැත්වෙන 8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඊයේ(23) ආරම්භ වුණා.

ඒ චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දී.

රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82ක් ඊට එක්ව සිටිනවා. මෙවර ප්‍රදර්ශනයට එක්වන සමාගම් සංඛ්‍යාව 2000කට අධික බවයි වාර්තා වන්නේ.

ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සියලුම රටවල් ආවරණය වන පරිදි පැමිණි විදේශීය සමාගම් වීමද විශේෂත්වයක්.

හරිත බලශක්ති සම්පත්,නවීකරණ කෘෂිකර්මාන්තය,වෛද්‍ය සේවා හා සෞඛ්‍ය ආරක්ෂාව,සංස්කෘතිය හා සංචාරය යනාදී කර්මාන්ත සම්බන්ධ ප්‍රදර්ශන එහිදී දැකගත හැකි වනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ව්‍යාපාරිකයන් රැසක් මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටිනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...