Trendy Thursday: දෙවන එලිසබෙත් රැජිනගේ විලාසිතාවන්, ප්‍රදර්ශනයට!

Date:

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends, tech gadgets, social media trends, influencer styles, නවතම ලෝකයේ AI තාක්ෂණය මෙන්ම එකී නොකී මෙකී සියල්ලන්ගේම මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

ජූලි 24, කොළඹ (LNW): Trendy Thursday තුළින්, විලාසිතා ලොවේ ඉතිහාසය, අලංකාරය සහ කාලානුරූපී බලපෑම සනිටුහන් කරමින් 2026 වසන්ත ඍතුවේදී බකිංහැම් මාලිගය බ්‍රිතාන්‍යයේ දීර්ඝතවම රජකම් කළ රැජිනියගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ ප්‍රදර්ශනයකට දොරටු විවෘත කිරීමට නියමිතය.

Queen Elizabeth II: Her Life in Style නම් මෙම ප්‍රදර්ශනය ඇගේ රාජකීයත්වයේ 100 වන සැමරුම සනිටුහන් කරමින්, ඇගේ විලාසිතා දැක්මේ විශාලතම ප්‍රදර්ශනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ප්‍රදර්ශනයේ සුඛෝපභෝගී බෝල්ගවුන් සහ මැණික් වලින් ඔබ්බවන ලද ටියාරා සිට ඇගේ අත්සන සහිත තොප්පි, සපත්තු සහ ස්කාෆ් දක්වා සංකේතාත්මක ඇඳුම් ආයිත්තම් 200 ක් පමණ ඇතුළත් වනු ඇත.


ඇය වයස අවුරුදු අටේදී පැළඳ සිටි silver lamé bridesmaid ඩ්‍රෙස් එක, සර් නෝමන් හාර්ට්නෙල් විසින් 1947 නිර්මාණය කරන ලද ඇගේ මංගල ගවුම සහ 1961 පකිස්ථානයේ රාජ්‍ය භෝජන සංග්‍රහයකට පැළඳ සිටි කොළ සහ සුදු ගවුම වැනි සියුම් රාජ්‍ය තාන්ත්‍රික බලයක් සහිත ඇඳුම් පවා මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.



රාජකීය විලාසිතාවන් ගේ අතීතය දෙස හැරී බැලීමකට වඩා, මෙම ප්‍රදර්ශනය ඇඳුම් හරහා ප්‍රකාශ වන රැජිනගේ පරිණාමය වන ප්‍රතිරූපය තුළට කිමිදෙනු ඇත. විලාසිතා ගෝලීය ආකල්ප සහ පෞද්ගලික සන්ධිස්ථාන දෙකම පිළිබිඹු කරන ආකාරය පෙන්නුම් කරනු ඇත.


1970 ගණන්වල මුද්‍රිත ඇඳුම්, ට්වීඩ් රයිඩින් ජැකට්, ටාටන් සායවල්, හිස් ආවරණ, ඒ සෑම එකක්ම සිය රාජකාරිය, අනන්‍යතාවය සහ විලාසිතාව පිළිබඳ තමන්ගේම කතාව ප්‍රකාශයට පත් කරයි.

දැනට අභාවප්‍රාප්ත වී සිටින රැජිනගේ ලේඛනාගාරය මෙන්ම අතින් ලියන ලද ලිපි, නිර්මාණකරුවන්ගේ සිතුවම් මෙන්ම රැජින සහ ඇගේ විශ්වාසවන්ත ඇඳුම් නිර්මාණකරුවන් අතර සහයෝගීතාවය පිළිබඳව ද මෙහිදී ඔබේ නෙත් ගැටෙනු ඇත. එය තම භූමිකාව සමබරව පැළඳ සිටි කාන්තාවකගේ දෘශ්‍ය දිනපොතකි.

විලාසිතා ලෝලීන්, ඉතිහාස කතා ලෝලීන් සහ රාජකීය නිරීක්ෂකයින් සඳහා, මෙම ප්‍රදර්ශනය සංස්කෘතිකාංග රැසක් එකතු කරන පූර්වාදර්ශයක් වනු නොඅනුමාන ය. එලැබෙන වසන්තයේ වඩාත්ම කතාබහට ලක්වන ප්‍රසංගය සඳහා මෙම නොවැම්බර් මාසයේ ටිකට්පත් අලෙවිය ආරම්භ වන බැවින් ඊට අවධානයක් යොමු කිරීම අගනේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...

සොබාදහම සහ කලාව ඇදහිය නොහැකි භූමි මූර්තිවලින් එකට එකතු වන ජෝන් ෆෝමන්ගේ විශ්මිත ලෝකය!

කොළඹ (LNW): ගල්, ඩ්‍රිෆ්ට්වූඩ් සහ අනෙකුත් ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා...

Fun Friday: පළිගැනීම ඉන්ධනයක් කරගත් “Ballerina”

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...