ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංග විවාදය අද!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24) විවාදයට ගැනීමට නියමිතයි.

මේ වන විට අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භවී තිබේ.

අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය 21 වැනිදා විපක්ෂය නියෝජිතයින් විසින් කථානායකවරයා වෙත භාර දුන් අතර ඊයේ පස්වරුවේද අධිකරණය කේන්ද්‍ර කරගත් කාරණා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් හා අනියෝජිතයින් අතර විපක්ෂ නායක කාර්යාලයේදී හමුවක්ද පැවැත්විය. .

විශේෂයෙන් මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව උක්ත විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු අනුව පෙ.ව.11.30 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...