*
Friday, May 17, 2024
spot_img

Latest Posts

සචිනි වැඩට බසී?

සචිනි පෙරේරා මේ වන විටත් ජාතික රිටි පැනීමේ සූරිය වන අතර ශ්‍රී ලංකා වාර්තාවේද හිමිකාරිය වෙනවා.ඇය නව වරක්ම ශ්‍රී ලංකා වාර්තා තබමින් දස්කම් දැක් වුව ද ඇයට මේ කොදෙව්වෙන් එපිට දක්ෂතා සමඟ ගැටී තව දුරටත් ඉදිරියට යාමට අවස්ථාව ලැබුණේ නැහැ.
ඇයගේ පුහුණුකරු මෙන්ම ගෙදරින්ද ලැබෙන සහය මත ඇය දිගටම ක්‍රීඩාවේ රැදී සිටියා.ක්‍රීඩාවේ දක්ෂතා මත ත්‍රිවිධ හමුදාවන් හරහා නිතරම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකතු වෙන ලෙස ඉල්ලීම් ලැබෙන අතර වෙනත් මාර්ගයක් ලංකාවේ මලල ක්‍රීඩාව වැනි ඉසව්වල එම ඉසව්වේ රැදී සිටීම සඳහා සොයා ගැනීම අති දුෂ්කරයි.ඒ අනුව ඇයද යුද හමුදාවට එක් වි එයින් ලැබෙන වැටුප සහ වෙනත් පහසුකම් මත ජාතික වාර්තාව අලුත් කරමින් ක්‍රීඩා කළත් ඒ සියල්ල මේ කොදෙව්ව ඇතුළත පමණක් රඳවා ගැණුනා.

ඇයට කුඩා කාලයේ සිටම නිවසින් විශාල ආශිර්වාදයක් ලැබුණා.ඒ වගේම ඇයගේ ජයග්‍රහණ ගැන ඔවුන් මහත් සේ සතුටට පත්වෙමින් ඇය සමඟ සෙවනැල්ල මෙන් රැදී සිටියා.ඒ සතුටේ උපරිමයට පැමිණ දරා ගැනීම අපහසු වූ මොහොතක ඇයගේ මව රෝගී තත්ත්වයට වැටෙනවා.ඒ ජාතික වාර්තාව සඳහා ඇය පනින පිමිමකින් සතුට ඉපිල යන මොහොතේ ක්‍රීඩාංගණයේදීමයි.


සචිනි වඩාත් අසරණ වන්නේ මෙතැනදී යි.ඇයට ක්‍රීඩාවෙන් ලෝකයට යන්න දේශය ජය ගත්තද ඉඩක් නැති වීම වගේම,තමන්ගේ පෞද්ගලික දක්ෂතාවලට හයියක් වෙමින් තමන් පිටුපස ඉන්න මව ඒ හැකියාවන් හී සතුටම රෝගියෙක් කළ විට ඇයට තිබුණේ මවගේ අසනීපය වෙනුවෙන් තීරණයක් ගන්නවාද?තමන්ව වටින්නේ නැති බලධරයින් සහිත ක්‍රීඩාවේ නියැලී ඉන්නවාද කියන කාරණය තීරණය කිරීමටයි.


ඇය අම්මාව තෝරා ගන්නෙ එතැනදියි.එහි ප්‍රතිපලය දැන් රටම දන්න මීට පෙරත් ලංකාවේ ක්‍රීඩාව ගැන ලියන විට අප විසින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළ සචිනි පෙරේරාගේ ගෘහ සේවිකා රැකියාවයි.රට පුරා මේ ගැන ව්‍යාප්තියෙන් පසුව මේ සුවිශේෂි ක්‍රීඩිකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාධ්‍යය ද දැන් සොයා එන්නට පටන් අරගෙන තිබෙනවා.

ඒ වගෙම මේ වන විට එරට පුරවැසියෙකු ලෙස ජීවත්වන හිටපු හමුදාපති මහේෂ් සේනානායකද ඉතාම ධනාත්මකව ඇයගේ ප්‍රශ්ණයට මැදිහත්වන බව පෙනෙන්න තියෙනවා.දැනටමත් ඇයව ක්‍රිඩාවෙන් ගෘහ සේවිකාව දක්වා වෙනස් කළ අම්මාගේ රෝගී තත්ත්වය කළමණාකරනය කරන්නට ආවශ්‍යය මාසික ඖෂධ වියදම ලබා දීමට ඔහු විසින් වැඩ පිළිවෙලක් සකස් කර තිබෙන බව මාධ්‍ය වාර්තාවලින් දැක ගන්න ලැබෙනවා.ඇය සිටින්නේ යුරෝපීය යුවළක් වෙසෙන නිවසක බැවින් දැනටත් ඇය බොහෝ දුරට නිදහස් වන අතර දැන් ඇයට අවශ්‍යය වන්නේ රැකියා ස්ථානයට වඩා පුහුණුවට මාර්ගයක් විය යුතුයි.
ඇය යුද හමුදාව හැර යාම ගැන යුද හමුදාපතිවරයා පවසා තියෙන්නෙ සුළුවෙන් හෝ දඬුවමක් දිය යුතු බව වුවත්,ඔවුන් යුද හමුදාවට හෝ වෙනත් හමුදාවකට බඳවා ගැනීම සඳහා ඒ එ රෙජිමේන්තු අනු කණ්ඩවල නිලධාරි ක්‍රිඩා තරගයක් අවස්ථාවකදී ගනු ලබන වෙහෙස යුද හමුදාපතිවරයා නොදන්නවා විය යුතුයි.මේ තරගකාරි බව හමුදා හමුදා අතර පමණක් නොවේ,එකම හමුදාවේ රෙජිමේන්තු අතරත් දකින්න ලැබෙනවා.මේ පොළවේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් ක්‍රිඩාවේ රැදී සිටීමට අවශ්‍යයතාව මත තමයි ක්‍රීඩකයින් හමුදාවන් කරා බැඳෙන්නෙ.මේ ඇත්ත තත්ත්වය මත ඔවුන් හමුදා පුහුණුව නොලබන අතර එම හමුදාවට හෝ රෙජිමෙින්තුවලට අවශ්‍යය කීර්තිය ලබා දෙමින් ක්‍රීඩා කරන අතර ඇත්තටම එම තත්ත්වය හෝ නොමැත්තේනම් ලංකාවේ මලල ක්‍රීඩාවට පැවත්මක් නැහැ.නමුත් මේ වගේ තත්ත්වයක අනිත් පැත්තටත් හිතන්න පුළුවන්නම් ඒකත් ක්‍රීඩාවටම එකතු වෙන වටිනාකමක්.
කෙසේ හෝ අද වන විට සචිනි පෙරේරා හොඳ සූදානමකින් ඉන්න බව පැහැදිළියි.ඇය විශාල ප්‍රශ්න ගොඩක් ඇතුළේ ජීවත්වෙන ගමන් ඒ ප්‍රශ්ණවලට උඩින් තමයි රිටෙන් පැන්නෙ.පුහුණුකරු ගුණරත්න තමන්ගේම ගෙදර පුහුණු පහසුකම් හදාගෙන කරගෙන යන වැඩ සටහනෙ ප්‍රතිපලයක් තමයි සචිනි පෙරේරා.අපි මීට පෙරත් ගුණරත්නගෙ තැන ගැන ලිව්වා.කතා කරා.ඇත්තටම භෞතික වශයෙන් ඒ තැන තව පොහොසත් කරන්න කවුරුහරි දායක වෙනවනම් ඒ ගැන හිතන්න මෙහි යූටියුබයෙන් උපුටාගත් වීඩියෝවක් ද පළ කරනවා.
ප්‍රධාන අදහස වෙච්චි සචිනිගේ ඉලක්කයට යන්න ඇයට පුහුණුකරුවෙක් එරටින් ලැබෙයිද කියන කාරණයට තවම දන්න තරමෙන් විසඳුමක් ලැබී නැහැ.එසේම ඇය ජාතික වාර්තාව නව වතාවක් තබන තත්ත්වයට උසස් කළ ගුණරත්නට ඇය වෙනුවෙන් එරටට යන්නත් නොහැකියි.ඔහු සතුව තමයි ලංකාවේ අති දක්ෂ බහුතර රිටි පැනීමේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් පිරිසක් සිටින්නේ.
එසේනම් ඇය ශ්‍රී ලංකාවට එයිද?ඇයට එසේ වුවහොත් ශ්‍රී ලංකාවේදී කුමන හෝ ආයතනයක් රැකියාවක් ලබා දීමට ඉදිරිපත් වෙයිද?දැනටමත් එරට ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලය ද සචිනිට රැකියාවක් වෙනම සොයමින් සිටිනවා.දන්නා පරිදි ඇය සිටින නිවසේ ද මේ තත්ත්වයට උපකාර ලබා දීමට මැලිවෙන එකක් නැහැ.ඔවුන් ද යම් කම්පනයක සිටිනවා ඇයගේ ක්‍රිඩා ජිවිතය අත්හැරීම සම්බන්ධයෙන්.මේ තත්ත්වය එක්ක එරට ආයතනයක් සචිනිට අනුග්‍රාහක රැකියාවක් ලබා දී ඇයව බලාගන්න ඉදිරරිපත්විමට ඉඩක් ඇති බව සිතිය හැකියි.මන්ද,මේ වන විට එම රටවල පළල් ලෙස ක්‍රිඩාව ගැන හිතන සහ එහි ඇති වානිජමය වටිනාකම ගැන දන්න පිරිස් සිටින නිසයි.ශ්‍රී ලංකාවේ ද මෙවැනි ආයතනයක් සචින් වෙනුවෙන් ඉදිරිපත් වේනම් මහේෂ් සේනානයක ඇතුළු පිරිසගෙන් ඇයගේ මව වෙනුවෙන් ලැබෙන අනුග්‍රහයත් සමඟ මව අසළම හිඳිමින් වඩාත් සැහැල්ලුවෙන් ක්‍රීඩාව කරගෙන යා හැකි ඉඩක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි.(ඇය එයට කැමතිනම්)
සචිනි වගේම ශ්‍රී ලංකාවේ දුර පැනීමේ වාර්තාලාභී ක්‍රිඩකයත් සිටින්නෙ විදෙස්ගතව රැකියාවක් කරමින්.මේ තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවේ තත්ත්වය.අර්ජුන රණතුංගට අනුවනම් දේපළ පවා සංචාරයක් මැද පැන යන ක්‍රීඩකයන්ගේ රාජ සන්තක කළ යුතුයි. එහෙත් මෙරට සිට තමන්ගේ සහෘදයන්ව රැක බලාගන්න ක්‍රිඩාව රැකියාවක් නොවන කල් හී….
ක්‍රිකට්වලින් උපයා ගත් මුදල් නිසා මෙවැනි ක්‍රිඩාවන් හී දුංඛිත තත්ත්වය එවැනි අයට නොදැනෙනවා විය හැකියි.
එවැනි තත්ත්වයක සචිනි හරහා ගෙනෙන මෙ පණිවිඩට ලෝකයට කියන්න දායක වූ සියලුම මාධ්‍ය වගේම ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ හිතමිත්‍ර තුසිත හල්ලෝළුවගේ සිට සියලුම නිලධාරීන්ට ද කෘතවේදීත්වය පිරිනැමිය යුතුයි.මේක අලුත් ආරම්භයක් වෙන තරමට ක්‍රීඩාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් වටිපිටාවක් නිර්මාණය කරගන්න පහසු වෙයි.රිටට මීට වඩා ඉහළ යන්නට සචිනිගේ පිම්ම වගේම ඊළඟ පරම්පරාවේ පිමිද සකස් වේවි.
රටක් හැටියට ලොවක් දිනන්න හැකි ක්‍රීඩකයන් තනන්න අසමත් වීම සහ ඔවුන්ට ඔවුන්ගේ පවුල නඩත්තු කරගන්න බැරි අසරණ තත්ත්වයකට පත්වීම යන කාරණා එකට පාහා සැළකිල්ලට ගත්තොත් අපි ක්‍රිඩාවෙන් අසාර්ථක ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයි.ඉතිං ක්‍රිඩා කරන්න හොඳ රටක් නෙමෙයි කියන සංකල්පය සමාජගත වෙන එක සචිනිගේ කතාවෙන් එළියට ආ ආකාරයටම සචිනිගේ පිම්මකින් එම කාරණයට ප්‍රතිවිරුද්ධ අදහසක් ද සමාජ ගත් කිරිමට එැකි බව යුද හමුදාපතිවරයාට ද අදාළ සියලුම බලධාරීන්ට හැඟිමක් ඇති වෙන්නේනම් සචිනි ඊ ළඟ පියවරේ ශ්‍රි ලංකාවේ ක්‍රිඩාවේ ආකර්ශණය හදන පිමිකාරිය බවට හිමිකාරිය බවට පත් වේවී.
සරලවම කියන්නේනම් ඇය තරග වැදිම අමතක කර නැහැ.ඇයට තවමත් තරග කිරීමේ සහ ජයග්‍රහණය කිරීමේ පිපාසය තදින්ම තිබෙන බව පැහැදිළියි.මෙහි ඇති ඇතැම් ඡායාරූප වල ඇය ලැබෙන ඕනෑම අවස්ථාවක කොතැන වුව ද සිය සිරුර ක්‍රීඩාවට අවශ්‍යය නම්‍යශීලී තත්ත්වයෙන් සහ ලාලිත්‍යයයෙන් පවත්වාගෙන යන්නට සූදානමින් සිටින බව පැහැදිළි වනු ඇති.එසේම ඇය රටේ ක්‍රිඩාව ගැනත් නිරන්තරයෙන් දැනුවත්ව සිටිනවා.තමාට අත් හැරීමට සිදු වූ අවාසනාව තව කෙනෙක්ට ළඟා නොවෙන්න ඇයට කළ හැකි දෙයක් වේනම් එයද කරන්නට මැලි වන්නේ නැහැ..
“අම්මට යවන සල්ලි ටික ඇරලා මගේ වියදට තියාගන්න ටිකෙන් ගාණක් මමත් දෙන්නම්”
මේ අප විසින් ජාතික මට්ටමේ ක්‍රිඩකයෙක් ගැන තිබූ සටහනක් ගැන ඇය පැවසූ වදනක්
ඉතිං මේ හිත හොඳ දක්ෂ පිමිකාරියට තව තවත් උසකින් ජාතික වාර්තාව තිබන හිමිකාරියක් වෙන්නට වැටී ඇති බාධක සියල්ල දුරස් වේවා යන්න අපේ පැතුමයි.

ගුණරත්නගේ පුහුණු මධ්‍යස්ථානය
https://youtu.be/x3n6ss5x3pk

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan