පිලිපීනය, තායිවානය, හොංකොං සහ චීනයට සුළි කුණාටු තත්වයක් පිළිබඳ අනතුරු ඇඟවේ

එය 5වන මට්ටමේ විනාශකාරී සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර මෙහි ගමන්මඟ අවිනිශ්චිත වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

පැසිෆික් සාගරය හරහා පිලිපීනය දෙසට හමා යමින් පවතින නිවර්තන සුළි කුණාටුවක් වන ඩොරික් සුළි කුණාටුව තායිවානය, හොංකොං හෝ චීනය දෙසට ගමන් කරනු ඇති බව එක්සත් ජනපදයේ ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය හා පිලිපීනයේ කාලගුණ ඒජන්සිය විසින් නිවේදනය කර තිබේ.

මෙම සුලි කුණාටුව මේවන විට පිලිපීනයේ විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසෝන් වෙත ළඟා වෙමින් පවතින අතර එය 5වන මට්ටමේ විනාශකාරී සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර මෙහි ගමන්මඟ අවිනිශ්චිත වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් ජූනියර් විසින් අද(24)දිනයේදී ප්‍රදේශයේ සියලුම පාසල් පන්ති අත්හිටුවන ලද අතර තීරණාත්මක සේවාවන් ඉටු කරන අය හැර රජයේ කාර්යාල වසා දමන ලදි. මීට අමතරව ඉතා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ ඉවත් කිරීමේ නියෝග සහ වෙනත් උපදෙස් අනුගමනය කරන ලෙසයි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...