කුසල් වෙනුවෙන් සජිත්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ශල්‍ය කර්මය සම්බන්ධයෙන් මුළු වියදම නොදරා රක්ෂණ වියදම පමණක් ලබා දීමට සූදානම් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩිව හෙළා දැක ඇත.ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට විදේශ සංචාරවලට මුදල් දෙන්නට හැකි ශ්‍රී ලංකා ක්‍රිකට්ආයතනයට ක්‍රීඩකයෙක්ගේ ආබාධයකට මුදල් ලබා නොදීම ගැටළුකාරී බවයි.
කුසල්ගේ ශල්‍යකර්මය සිඳු කිරීමට නියමිතව ඇත්තේ එංගලන්තයේ වන අතර මේ මුදල් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ කුසල් ජනිත් අතර තවත් සාකච්ඡාවක් පැවත්වීමට ඉඩ ඇති බව ද ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.
කුසල් දකුණු අප්‍රිකාවට එරෙහිව සටන්කාමී නොදැවී ලබා ගත් ලකුණු 153 ක් නිසා ශ්‍රී ලංකාවට එම තරගයෙන් අනපේක්ෂිත සහ අති විශිෂ්ඨ ජයක් හිමි වූ අතර,බොහෝ විචාරකයන් ටෙස්ට් වංශ කතාවේ සටන්කමීම සහ විශිෂ්ඨම ඉණිම හැටියට ද කුසල් ගේ ඉණිම පැසසුමට ලක් විය.ඉන් අනතුරුව කුසල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග හතේදී ද අර්ධ ශතක තුනක් රැස් කරන්නට සමත් වූ අතර ආබාධය නිසා මෙන්ම තේරීම් කමිටුවේ අවධානය පුළුල්ව යොමු නොවීම නිසා ද කුසල්ට එම ඉණිමට සැළකුම් ලැබෙන තරමේ අවස්ථා ලැබුණේ නැත.
මේ සමඟ දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් තබා ඇති සටහනය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...