Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

QR කේත ක්‍රමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම කල්යයි

QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද (25) සිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද එය තවත් දින කිහිපයක් දක්වා කල්ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේදීත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් සීමිත ප්‍රමාණයක පමණක් QR කේත ක්‍රමය ක්‍රියාත්මක වනු ඇති බවයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරන්නේ.

එම ආයතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘති දැනට සිදුකර ඇති බවත් එයින් ලැබෙන ප්‍රතිචාර පද්ධතියට ඇතුළු කරගෙන ඉදිරි දින කිහිපයේදී මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.