රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :
මීගමුව බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේදී අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මත්පැන් පානය කර නින්දේ පසුවූ බව ස්වාධීන මන්ත්රී රාමනාදන් අර්චුනා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
“එහිදී සිදුවෙමින් පැවති දේ පිළිබඳව අමාත්යවරයා දැන සිටියේ නැහැ,” යැයි ඔහු පැවසීය.
“මම 2029 වසරේදීත් පාර්ලිමේන්තුවට පැමිණ අමාත්ය නානායක්කාරව බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනවා,” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඊට ප්රතිචාර දැක්වූ අමාත්ය වසන්ත සමරසිංහ පැවසුවේ අධිකරණ අමාත්යවරයා මත්පැන් පානය කිරීම ඔහුගේ පෞද්ගලික කාරණයක් බවයි. “මේ මන්ත්රීවරු කතා කරන්නේ අමාත්යවරයාගේ බීම වීදුරුවට සෝඩා දැමුවේ ඔවුන් වගේ. ගැටුමෙන් පසුව අමාත්යවරයා තම රාජකාරිය ඉටු කළා. ගැටුමට ලක්වූවන් වෙනුවෙන් ඔහු සියලු දේ සිදු කළා,” යැයි ඔහු පැවසීය.


