*
Friday, May 17, 2024
spot_img

Latest Posts

හිටපු ජනපති මෛත්‍රීට ලැබුණු අළුත්ම ධූරය!

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධූරයට පත්ව තිබේ.

කාම්බෝජයේ,පෙනෝම් පෙන් අගනුවර, පසුගියදා පැවති අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදීයි එම ධූරයට පත්වුණේ.

2023 ජුලි මස 21 සිට 25 දක්වා එම විශ්ව සාම සම්මේලනය පැවැත්වෙයි.

ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුළුවෙන් පසු ජාත්‍යන්තර සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි ප්‍රධාන අරමුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය,තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය හඳුනා ගෙන තිබේ.

ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරති.

විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික, සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේලා සැලකෙන සංවිධානයකි.

එහි මූලස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්‍යන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනැමුණු අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශේෂ නියෝජිතවරුන් සහභාගිවී සිටියහ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan