කම්කරු අමාත්‍යාංශ ලේකම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

Date:

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියකට වැටී පුද්ගලයින් 5 දෙනෙකු මියයාම පිළිබඳ නඩුව ඊයේ (25) කැඳවූ අවස්ථාවේදී ය.

මෙම නඩුවට අදාළව බොරු සාක්ෂියක් ලබාදෙන ලෙස කළුතර දිස්ත්‍රික්කයේ හිටපු කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරයෙකුට බලපෑම් කළ බවට එවකට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වූ වත්මන් කම්කරු අමාත්‍යාංශ ලේකම් ආර්. ජී. ඒ. විමලවීරට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඔහුව අත් අඩංගුවට ගැනීමටත් පොලිස්පතිවරයා හරහා එය දින 7ක් තුළ ක්‍රියාත්මක කරන ලෙසත් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...