ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්,එහි ප්‍රතිඵලය වුණේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත්, ඉන් අනතුරුව එය ජනාධිපතිවරයා රටෙනුත් නෙරපා හැරීම දක්වා දිග්ගැසුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉන් අනතුරුව සිදු සිදු වූ ක්‍රියාදාමය තුළින් නව ගමනක් බලාපොරොත්තුව සිටි සියලු දෙනාට අත්විඳින්නට සිදුව ඇත්තේ ඒ වෙනුවට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමනම බවත් පැවසීය.

පත්කරගත් ඒකාධිපතිත්වයකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුබවත් පාලකයින් එකමුතු බවේත් සාධාරණත්වයේත් ආදර්ශය ලබා දියයුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවක් ඊයේ (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. වඩාත් ඉදිරිගාමී රටක් නිර්මාණය කිරීම උදෙසා වූ සාධනීය අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහි අරමුණ යි.

දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සහ වෘත්තිකයින් පිරිසක් මීට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...