හිටපු පොලිස්පති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා. තවත් ඉහළ පොලිස් පත්වීමකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී. එස් .කේ. පුෂ්ප කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සහකාර පොලිස් අධිකාරීවරුන් 134 දෙනෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

2020 වසරේ එවක වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිර්දේශයක් මත ජාතික පොලිස් කොමිසම විසින් වගඋත්තරකාර ඩී. එස්. කේ. පුුෂ්පකුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත්තේ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ මෙම තීරණය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. ඒ අනුව අදාළ උසස්වීම බලරහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...