හිටපු පොලිස්පති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා. තවත් ඉහළ පොලිස් පත්වීමකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී. එස් .කේ. පුෂ්ප කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සහකාර පොලිස් අධිකාරීවරුන් 134 දෙනෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

2020 වසරේ එවක වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිර්දේශයක් මත ජාතික පොලිස් කොමිසම විසින් වගඋත්තරකාර ඩී. එස්. කේ. පුුෂ්පකුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත්තේ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ මෙම තීරණය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. ඒ අනුව අදාළ උසස්වීම බලරහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වය යළි වෙනස් වෙයි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

තෙල් සංස්ථාවේ ලාබය අඩුවීම : මේ ලාබත් සැබෑ ලාබ නොවේ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම...

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය...