රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
රුසියාවේ උසම කඳු මුදුන වන එල්බ්රස් කන්ද තරණය කිරීමට උත්සාහ කළ බොස්නියානු ජාතිකයන් යැයි සැක කෙරෙන විදේශීය කඳු නගින්නන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එඉදෙස් මාධ්ය වාර්තා කරයි.
කඳු නගින්නන් හත් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම දරුණු කාලගුණ විපර්යාස හේතුවෙන් නියමිත මාර්ගයෙන් ඉවතට ගොස් අතරමං වී ඇති බව සඳහන් වේ.
ඉන් දෙදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර, මියගිය පිරිස අතර වෛද්යවරියක් සහ විවාහක යුවළක් සිටින බව විදේශ බලධාරීන් තහවුරු කර ඇත.
අධික සුළඟ සහ අයහපත් කාලගුණය මධ්යයේ රුසියානු මුදාගැනීමේ කණ්ඩායම් විසින් පසුව මෙම සිරුරු සොයාගෙන තිබේ.
මීටර් 5,642ක් උසැති මෙම කඳුකර ප්රදේශයේ පවතින අනතුරුදායක ස්වභාවය සහ හදිසි දේශගුණික වෙනස්වීම් මෙම ඛේදවාචකයට මූලික හේතුව වී ඇත.
පීඩාවට පත් කඳු නගින්නන් සියල්ලෝම බොස්නියාවේ සෙනිට්සා නගරයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් අනාවරණය වේ.


