සිය ගණනකගේ ජීවිත අහිමි කළ පාකිස්ථානයේ මෝසම් වැස්ස!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ජූනි මාසයේ මෝසම් සමය ආරම්භ වූ දා සිට පකිස්ථානයේ ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 107 දෙනෙකු මිය ගොස්, තවත් 344 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස සිය ගණනකට හානි සිදුවී ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පෙන්වා දෙයි.

කයිබර් පක්තුන්ක්වා හි වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 55ක් ලෙස දැක්වෙයි. මේ අතර පන්ජාබ් හි මරණ 36 ක් වාර්තා වී ඇත.

මරණවලින් අඩකට වඩා නිවාස හෝ වහල කඩා වැටීම් හේතුවෙන් සිදු වූ මාන බව දැක්වෙයි.

පන්ජාබ් පළාත් අගනුවර සහ පකිස්ථානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් හි, ඉවත් කරන ලද පදිංචිකරුවන්ට නවාතැන් ගැනීම සඳහා බලධාරීන් අවම වශයෙන් ගංවතුර සහන කඳවුරු 17 ක් පිහිටුවා ඇති බව දැක්වෙයි.

පන්ජාබ් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ තත්ත්වය “ඉතා භයානක” බවත්, පන්ජාබ්හි ලාහෝර් සහ ගුජ්රන්වාලා කොට්ඨාශ හරහා “වර්ග කිලෝමීටර 400 ක් පමණ (වර්ග සැතපුම් 154) ක පමණ විශාල ප්‍රදේශයක්” දැන් ජලයෙන් යට වී ඇති බවත්ය.

ගංවතුරේ විශාලත්වය කොතෙක්ද අභ්‍යන්තර මුහුදක් මෙන් දිස්වන බව දැක්වෙයි.

පන්ජාබ් මහ ඇමතිනි මරියම් නවාස් ෂරීෆ් ට්විටර් සටහනක් තබමින්පවසා ඇත්තේ පළාත පුරා හදිසි ප්‍රතිචාර දක්වන්නන් යොදවා ඇති බවත් ගංවතුර ජලය ඉවත් කිරීමට කණ්ඩායම් ක්‍රියාකාරීව කටයුතු කරන බවත්ය.

2025 දී, පකිස්ථානයේ ඇති වූ දැඩි ගංවතුරෙන් පුද්ගලයින් 1,037 දෙනෙකු මිය ගිය අතර, මිලියන දෙකක ජනතාවක් අවතැන් විය. එමෙන්ම මිලියන ගණනක් පශු සම්පත් මිය ගිය අතර, ස්ථාවර භෝගවලටද සැලකිය යුතු හානියක් සිදු විය.

කෙසේවෙතත් මෙය මෝසම් සමයේ මැද භාගය වන අතර එය සැප්තැම්බර් දක්වා දිගටම පවතිනු ඇති බවද කාලගුණ අනාවැකි පවසා තිබේ.

ඒ අනුව හානිය තවදුරටත් ඉහළ යනු ඇති බවට පාකිස්ථාන බලධාරීන්ගේ පුරෝකථනය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...