*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ජනතා නියෝජිතයන් තම දරුවන් ගැන පමණක් නොව සියලු දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතිය යුතුය – ඉරාන් කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකාවේ අධ්‍යාපනයේ සැපයුම්කරු රජය පමණක් විය යුතුයි යන මතයේ එල්බගෙන සිටින පාර්ශ්වයන් ද සිටින අතර ,  කලාපයේ තිබෙන සියලු රටවල පාහේ පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තිබෙන බවත්  අපේ සිසුන් ද ඒවායේ අධ්‍යාපනය ලබන බවත්  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

පාර්ලිමේන්තුවේ 225 න් බොහෝ මන්ත්‍රීවරුන්ගේ දරුවන් ද තම දරුවන්ව විදේශ විශ්ව විද්‍යාලවලට යොමු කරන අතර  වාමංශික අයද දරුවන්ව යවන්නේ පිට රට අධ්‍යාපනයට බව ඉරාන් මහතා පවසන අතර,  මන්ත්‍රීවරුන් වන ජනතා නියෝජිතයන් තම දරුවන් ගැන පමණක් නොව සියලු දරුවන්ගේ අවස්ථා පිළිබඳව සිතා බැලිය යුතු බව, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී
ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසීය.

” රටක ආර්ථික වර්ධනයට අධ්‍යාපනය ඉතා වැදගත් වනවා. එහෙත් සීමිත සම්පත් ඇති අපේ රටේ අධ්‍යාපනයට පෞද්ගලික අංශයේ දායකත්වයට අවසර දෙන විට අධ්‍යාපනය විකුණනවා යැයි බොළඳ කතා කියන පාර්ශ්වයන් තවමත් මේ රටේ සිටිනවා.

අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙකුගේ ආදායම වැඩි කර ගත හැකි වනවා සේම, පෞරුෂත්වය ද දියුණු කර ගැනීමට ඉවහල් වනවා.

” අධ්‍යාපන හා උසස් අධ්‍යායාපන අවස්ථා සෑම දරුවකුටම දීමට රජයන්ම වග බලා ගත යුතුයි. මෙරට මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය අධ්‍යපන ක්‍රමය දියුණු නොවීමට ප්‍රධාන හේතුව නිදහස් අධ්‍යාපන සංකල්පය යනු අධ්‍යාපනය රජයෙන්ම නොමිලයේ සැපිය යුතු යනුවෙන් අදහස් දැක්වීමයි. මේ නිසා උසස් අධ්‍යාපනයේ අවස්ථා කොටසකට පමණක් සීමා වෙනවා.  40,000 පමණ සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන විට 150,000 කට පමණ එම අවස්ථාව අහිමි වෙනවා. රජයන් අවධානය යොමු වන්නේ විශ්වවිද්යාල යන එම 40,000 ගැන පමණයි.”

ලංකාවේ අධ්‍යාපනයේ සැපයුම්කරු රජය පමණක් විය යුතුයි යන මතයේ එල්බගෙන සිටින පාර්ශ්වයන් ද සිටිනවා.  කලාපයේ තිබෙන සියලු රටවල පාහේ පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තිබෙනවා. අපේ සිසුන් ද ඒවායේ අධ්‍යාපනය ලබනවා. පාර්ලිමේන්තුවේ 225 න් බොහෝ මන්ත්‍රීවරුන්ගේ දරුවන් ද තම දරුවන්ව විදේශ විශ්ව විද්‍යාලවලට යොමු කරනවා. වාමංශික අයද දරුවන්ව යවන්නේ පිට රට අධ්‍යාපනයටය. මන්ත්‍රීවරුන් වන ජනතා නියෝජිතයන් තම දරුවන් ගැන පමණක් නොව සියලු දරුවන්ගේ අවස්ථා පිළිබඳව සිතා බැලිය යුතුයි

ලංකාවේ අධ්‍යාපනයේ සැපයුම්කරුවන් රජයේ හෝ රජයේ නොවන පාර්ශව හෝ පෞද්ගලික අංශය හෝ වේවා, ලාභ අපේක්ෂා නොකරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නන් හට ද අධ්‍යාපනයට දායකත්වය දීමට අවස්ථා ලබා දිය යුතුයි. ”

” පසුගිය වසර තිහක් තිස්සේ මේ අවස්ථා සියල්ල මෙරට සිසුන්ට අහිමි කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සියලු පක්ෂ සහභාගි වූයේ එනිසයි. එහි වාර්තාව දැන් එළිදක්වා තිබෙනවා. අවාසනාවකට මෙන් එහි සාමාජිකාවක් වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි පමණක් එම වාර්ථාවට අත්සන් කිරීමෙන් වැළැකී සිටියා”

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ මේ කාරක සභාව දැන් වාර්තාවක් එළි දක්වා තිබෙන්නේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයටත් දායකත්වයක් ලබාදීමට අවස්ථාවක් ලබා දීම නිර්දේශ කරමින්

“මේ රටේ දේශපාලනයේ නිරත සුළු කොටසක් මෙසේ පෞද්ගලික දායකත්වය උසස් අධ්‍යාපනයට ලබා ගන්නා සෑම අවස්ථාවකදීම අධ්‍යාපනය විකුණනවා යැයි බොළඳ කතා කියමින් ජනතාවට ලැබීමට තිබුණු මහඟු අවස්ථාව ව්‍යර්ථ කළා. ධනපතියන්ට මෙම සීමාවන් වලින් කිසිදු බාධකයන් නැ.. ඔවුන්ගේ දරුවන් පිටරට විශ්වවිද්‍යාල වල  අධ්‍යාපනය සඳහා යොමු කරනවා. පාර්ලිමේන්තුවේ 225 ගතහොත් ඔවුන්ගෙන් බහුතරයකගේ ම දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය   ලබන්නේ පිටරටවල බව ජනතාව තේරුම් ගත යුතුයි. වාමාංශික පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ දරුවන්ද මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා. එහෙත් ඔවුන්ගේ අනුගාමිකයන්ට දෙන්නේ වෙනත් පණිවිඩයක්.. ජනතාව විශේෂයෙන් තරුණ පරපුර මෙය තේරුම් ගත යුතුයි”
 

” මේ රටේ දරුවන්ට සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමයි මෙම කමිටුවේ වාර්තාව ප්‍රධාන අරමුණ. රජයක් වශයෙන් මානව සම්පත් සංවර්ධනයට විශාල ආයෝජනය කළ යුතු යැයි සමගි ජන බලවේගය විශ්වාස කරනවා. 1960 දශකයේ දී මානව සම්පත වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරක් හෝ පහක් වැනි විශාල මුදලක් අධ්‍යාපනය හා මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කර තිබුනා. අවාසනාවකට එම ප්‍රමාණය දැන් 1.5 දක්වා අඩු වී තියනවා.මානව සම්පත වෙනුවෙන් කරන 1.5 ක ආයෝජනය  3 % දක්වා සමගි ජන බලවේගය රජයකින් ඉහළ නංවනවා”

“මේ රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යන්නට නම් කළ යුතු වැදගත්ම දෙය මානව සම්පත වෙනුවෙන් කරනු ලබන ආයෝජන වැඩි කිරීමයි. සමගි ජන බලවේගයට මේ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කොට විද්වත් හා ප්‍රවීණයන්ගේ අදහස් ලබාගෙන රට සංවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වූ මානව සම්පත් සංවර්ධනයට මුල්තැන දීමට සමගි ජන බලවේගය තීරණය ගෙන තිබෙනවා “

ලෙස ඉරාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan