ලාංකේය නෙට්බෝලය ලෝකය සමඟ ගැටීම හෙට අරඹයි

Date:

ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ජැමෙයිකාව සමඟ තරග වදිනවා.දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී පැවත්වෙන මෙම තරගාවලියේ දී ජූලි 28 ආරමිභක දිනයේ දී ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර තරගය එරට වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තරග වදින සී කාණ්ඩයේ ජැමෙයිකාවට අමතරව සත්කාරක දකුණු අප්‍රිකාව සහ වේල්සය ද සිටින අතර ශ්‍රී ලංකාවේ දෙවන තරගය පැවත්වෙන්නේ ජූලි 29 වන දින සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිවයි.එම තරගය එරට වේලාවෙන් පස්වරු 4.00 පැවත්වෙනවා.ජූලි 30 වන දා ශ්‍රී ලංකාව සී කාණ්ඩයේ අවසන් හමුවීමට සූදානම් ව සිටින්නේ පෙරවරු 9.00 ට වේල්ස් කණ්ඩායම සමඟයි.

ජූලි 31 වන දා සිට තරගාවලියේ මූලික වටයේ දෙවන කොටසේ තරග පළමු වටයේ ඒ ඒ කණ්ඩායම්වල තරග ජය සහ පරාජය අනුව පැවත්වීමට නියමිත අතර අගෝස්තු 4 වන දා සිට පැවත්වෙන්නේ ශ්‍රේණිගත කිරීමේ සහ පරාජිතයන් පිටුදැකීමේ මුහුණුවර යටතේ පැවත්වෙන තරගාවලියේ තෙවන කොටසේ තරගයි.
තරගාවලියේ සමස්ත කාල සටහනට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.
https://nwc2023.org.za/2023/02/08/match-schedule/

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...