ලාංකේය නෙට්බෝලය ලෝකය සමඟ ගැටීම හෙට අරඹයි

Date:

ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ජැමෙයිකාව සමඟ තරග වදිනවා.දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී පැවත්වෙන මෙම තරගාවලියේ දී ජූලි 28 ආරමිභක දිනයේ දී ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර තරගය එරට වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තරග වදින සී කාණ්ඩයේ ජැමෙයිකාවට අමතරව සත්කාරක දකුණු අප්‍රිකාව සහ වේල්සය ද සිටින අතර ශ්‍රී ලංකාවේ දෙවන තරගය පැවත්වෙන්නේ ජූලි 29 වන දින සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිවයි.එම තරගය එරට වේලාවෙන් පස්වරු 4.00 පැවත්වෙනවා.ජූලි 30 වන දා ශ්‍රී ලංකාව සී කාණ්ඩයේ අවසන් හමුවීමට සූදානම් ව සිටින්නේ පෙරවරු 9.00 ට වේල්ස් කණ්ඩායම සමඟයි.

ජූලි 31 වන දා සිට තරගාවලියේ මූලික වටයේ දෙවන කොටසේ තරග පළමු වටයේ ඒ ඒ කණ්ඩායම්වල තරග ජය සහ පරාජය අනුව පැවත්වීමට නියමිත අතර අගෝස්තු 4 වන දා සිට පැවත්වෙන්නේ ශ්‍රේණිගත කිරීමේ සහ පරාජිතයන් පිටුදැකීමේ මුහුණුවර යටතේ පැවත්වෙන තරගාවලියේ තෙවන කොටසේ තරගයි.
තරගාවලියේ සමස්ත කාල සටහනට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.
https://nwc2023.org.za/2023/02/08/match-schedule/

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...