පාලන මිලකට යන පාන් මිල!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

එළැඹෙන සතියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි නොකළහොත් පාන් සඳහා පාලන මිලක් ගෙන ඒමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කඩයක් සඳහා රුපියල් ලක්ෂයක් සහ සමාගමක් හෝ ආයතනයක් නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50ක් දක්වා දඩ නියම කිරීමට හැකියාව ති බවය. පාන් සඳහා නියමිත මිලක් නොමැති බවටත්, ඇතැම් පාන්වල නියමිත බර නොමැති බවටත් පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්ව වරින්වර චෝදනා එල්ල කළේය.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය වරින්වර ඒ සම්බන්ධයෙන් වැටලීම්ද සිදුකරනු ලැබීය. එවන් පසුබිමක ඉකුත් පෙබරවාරි 02 වැනිදා පාන් ගෙඩියක පැවතිය යුතු නියමිත බර ප්‍රමාණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක්ද නිකුත් කළේය.

එහි දැක්වුණේ, පාන් ගෙඩියක අවම බර ග්‍රෑම් 450ක් සහ පාන් බාගයක අවම බර ග්‍රෑම් 225ක් විය යුතු බව වන අතර, මෙවැනි වාතාවරණයක් තුළ ඉකුත් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය දන්වා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...