ජනපතිට මාලදිවයිනේදී මහත් හරසර!

0
551

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

අද (28) පෙරවරුවේ මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් , වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගෙන ඇත.

එම පිළිගැනීමේ අවස්ථාවට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාද සහභාගි වී සිටියේය.

ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අලංකාර සංස්කෘතික නර්තනය නැරඹීමටද ජනාධිපතිවරයා එක්විය.