රුහුණේ සභාපති අද අධිකරණය හමුවට!

Date:

පොලිස් අත්අඩංගුවේ පසුවන රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වේරංග පුෂ්පික අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෘත්තීය අමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් ඊයේ දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති විරෝධතාව අවසන් කර යමින් සිටියදී ඔහුව කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ඇති බවට වාර්තා වූ අතර ඔහුව එලෙස සිය භාරයට ගෙන තිබුණේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් බවට පසුව අනාවරණය විය.

මහජන අරගලයේ සක්‍රීය සාමාජිකයෙක්ව සිටි වේරංග පුෂ්පික වෙත එල්ල වී තිබෙන චෝදනා ලෙස දැක්වෙන්නේ මැයි 19,ජුනි 09 සහ ජුනි 10 යන දිනයන්හිදී කොළඹ කොටුව, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම,අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම,පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම,රජයේ දේපලවලට හානි කිරීම යන ඒවාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...