ජූලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස වාර්තාගත වේ

Date:

ලොකයටම බලපා ඇති උණුසුම් තාප තරංග හේතුවෙන් ජූලි මාසය වාර්තාගත ලෝකයේ උණුසුම්ම මාසය බවට පත්ව ඇති බව යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාවේ(ERA5) දත්ත වලට අනුව තහවුරු වී තිබේ.

ඒ අනුව ජූලි මාසයේ පළමු සති තුන වාර්තාගත උණුසුම්ම සති තුනක කාලය ලෙස වාර්තා වී තිබේ.

ජූලි මාසය තුළ මධ්‍යධරණී මුහුද දිගේ ග්‍රීසිය, ඉතාලිය සහ ඇල්ජීරියාව වැනි රටවල විනාශකාරී ලැව්ගිනි අවුලුවාලමින් වාර්තාගත ඉහළ උෂ්ණත්වයන් සමඟින්, යුරෝපයේ සහ ඇමරිකාවේ සමහර ප්‍රදේශ ඇතුළුව, උතුරු අර්ධගෝලයේ උෂ්ණ තරංග පැතිරෙන්නට විය. සමහර ප්‍රවීණයන් පුරෝකතන ඉදිරිපත්කර ඇත්තේ පසුගිය වසර 120,000 තුළ ජූලි මාසය උණුසුම්ම මාසය විය හැකි බවයි.

මෙම අධික තාපය ප්‍රධාන වශයෙන් පොසිල ඉන්ධන භාවිතයට සම්බන්ධ බව විද්‍යාඥයන් තහවුරු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ(28)දිනයේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, වාතය ආශ්වාස කළ නොහැකි බවත්, උණුසුම දරාගත නොහැකි මට්ටමක පවතින බවත්, මුළු ග්‍රහලෝකයටම එය ව්‍යසනයකට පත්ව ඇති ලෝක නායකයන් මේ වෙනුවෙන් නායකත්වය ලබා දිය යුත් බවයි. එමෙන්ම ජූලි උෂ්ණත්වය මඟින් පෙන්නුම් කරන්නේ පෘථිවිය උනුසුම් අවධියක සිට “ගෝලීය තාපාංක යුගයක්” දක්වා ගමන් කරනු ඇති බව මහලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් මහාචාර්ය පෙටේරි තලාස් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ජූලි මාසයේ මිලියන ගණනකට බලපා ඇති ආන්තික කාලගුණය අවාසනාවන්ත ලෙස දේශගුණික විපර්යාසවල කටුක යථාර්ථය පෙන්නුම් කරන බවත්, අනාගතය වෙනුවෙන් බරපතල අවධානම් තත්වයක් වන බවත්ය.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...

ඌවට ආ දකුණේ සෙනෙහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : සමාජයේ විවිධ කණ්ඩායම්...

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...