කුවේට්හි වීසා නොමැතිව රැදීසිටි ශ්‍රී ලාංකික  පිරිසක් මෙරටට එවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්, නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ. මෙම තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද පිරිස අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

ඉන් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින් බව සඳහන්.

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳීසිටිමින් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බවයි. එබැවින් ඔවුන් වහාම මෙරටට පිටුවහල් කළ බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...