පොහොට්ටුවේ අවසන් තීරණය අදත් නෑ ?

Date:

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) රැස්වීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී මේ රැස්වීම අද පස්වරු 4.00 ට ආරම්භ වෙනවා.

ඒත් හැමෝම බලාපොරොත්තු වෙන විදියට අද දවසේදී පොහොට්ටුවේ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් නොකෙරේවි කියලා තමයි අලුත්ම දේශපාලන ආරංචි කියන්නේ.

අපේක්ෂකයින් සම්බන්ධයෙන් අද දවසේදී දීර්ඝ වශයෙන් සලකා බලන්න නියමිත වුණත් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැති ලු.

ඒ අවසන් තීරණය ඉදිරි දිනයකදී මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත් කෙරේවි කියලා තමයි දැනට ආරංචි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...

මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති

දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්...

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...