රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):
පුරා වසර 50 කට අධික කාලයක් හඬ අනුකරණ ශිල්පී බොහෝ දෙනා අතර ජනාදරයට පත්ව සිටි මංගල ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතා ජිවිතක්ෂයට පත් වන විට 72 වන වියේ පසු විය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හඳ මාමා ලමා වැඩසටහනේ පෙත්තප්පුගේ හඬ ඉදිරිපත් කළේ මංගල ප්‍රේමදාස මහතා
වන අතර, විවිධ ශබ්ද 600 කට වැඩි සංඛ්‍යාවක අනුකරණය කිරීමේ හැකියාව මංගල ප්‍රේමදාස මහතා සතු වූ අතර චිත්‍රපට, වෙළඳ දැන්වීම්, ටෙලිනාට්‍ය හා ගුවන්විදුලි නාට්‍යවලට
ඔහු සිය දායකත්වය ලබා දී ඇත
අභාවප්‍රාප්ත මංගල ප්‍රේමදාස මහතාගේ දේහය රාජගිරිය ගෝතමී පාර අංක 133/25 දරණ නිවසහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද පස්වරු 04ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත බව දැනුම් දෙයි.